දළඹුවකු කෑවෙන් පතොක් පත් කටු ඉතා සමනල් සිහිනයෙන් ස්නේහයට පැන පැන දුවන්නට මාරුතය ඇරඹුණි වේගයෙන්…
කොහෙන් කෙළවර වුවත් නූවත් ඇතැම් හිත් අමනාපකම් පෙළැක් පිරිපත ඔඩුදුවයි යළි හාදකම් ඇරඹූ ගමන්…
මහද රන්බැඳි ගෙත්තමින් නික්මුණ බැවින් යුග කිඳුරු ඇස් කල්පයක් කල් මල් බලා හිඳ මැලවේය සුදු පිච්ච වැල්…
සඳ සිහිනයේ කොටසකි… නුඹ එය අරන් යන්න! මද පවන් වැද හද නිදි නිසොල්මන ඇහැරවා යන්න!
කොහෙන් කෙළවර වුවත් නූවත් ඇතැම් හිත් අමනාපකම් පෙළක් පිරිපත ඔඩුදුවයි යළි හාදකම් ඇරඹූ ගමන්
මා නේන ගමනක රැයක එන ඔබ පමාවී… සරතැසට ගැල් බැඳ කඳු අදින දේවී සුවඳ වැල් ගෙල මුල සිඹියි, තනි මට ගෙනේ හතිය සව්දිය පිරෙන මග දිගට මට ඒ වමනය කෙළවරක් නැති රමණයක ළා පළාපෙත්තාගේ මරණය ඇසිල්ලේ හිස්තැන්වලින් පිරෙයි මා සිහිනය…