අත් අල්ලගෙන ගෑවි ගෑවී ඉන්න බෑ, ඈත්වී මදක් දුරකින් ඉන්න. මේ රාත්‍රිය එන්න එන්නම සීතයි. ළමාතැනී, ඇවිත් මගෙ ළඟින් ඉඳගන්න.
තරු තුනක් එක පෙළට දුටුවාද ඒ ඔබත් මාත් මැද සිටගත් සෙස්සෝ ඔරායන් බඳ පටිය උනන විට තරු සිහිනයෙන් උන් අඳුර වෙත බැස්සෝ
සාදයක ගිලී හුන් හදවත අවදි නොවනා සිසිර ඇස් දෙක කල්ප ගානක් පෙම් කළත් වීනස් නොසෙල්වේ ඍතු මාරුවට යුරේනස්
සංසාරයක් වගේ ඇදෙන හැල්මේ වලාකුළු ගමනටම උරුමයි. සඳ කියන්නේ පුළුන් හති වැටුණම තුරුල් වන බෝලයක් පමණයි;
සක්වළක සිට ඈත බැළුවම දුර නොපෙනෙනා ඇස් හැමට උරුමයි,
ආනන්ද සර්පයා මැරුවාද නෑ ස්වාමිනී පෑගුණා පමණයි.