ඉතා සමනල් සිහිනයෙන්
දළඹුවකු කෑවෙන් පතොක් පත් කටු ඉතා සමනල් සිහිනයෙන් ස්නේහයට පැන පැන දුවන්නට මාරුතය ඇරඹුණි වේගයෙන්… කොහෙන් කෙළවර වුවත් නූවත් ඇතැම් හිත් අමනාපකම් පෙළැක් පිරිපත ඔඩුදුවයි යළි හාදකම් ඇරඹූ ගමන්… මහද රන්බැඳි ගෙත්තමින් නික්මුණ බැවින් යුග කිඳුරු ඇස් කල්පයක් කල් මල් බලා හිඳ මැලවේය සුදු පිච්ච වැල්… සඳ සිහිනයේ කොටසකි… නුඹ එය අරන් යන්න! මද පවන් වැද හද නිදි නිසොල්මන ඇහැරවා යන්න! කොහෙන් කෙළවර වුවත් නූවත් ඇතැම් හිත් අමනාපකම් පෙළක් පිරිපත ඔඩුදුවයි යළි හාදකම් ඇරඹූ ගමන්...
අත් අල්ලගෙන ගෑවි ගෑවී ඉන්න
අත් අල්ලගෙන ගෑවි ගෑවී ඉන්න බෑ, ඈත්වී මදක් දුරකින් ඉන්න. මේ රාත්‍රිය එන්න එන්නම සීතයි. ළමාතැනී, ඇවිත් මගෙ ළඟින් ඉඳගන්න. තරු තුනක් එක පෙළට දුටුවාද ඒ ඔබත් මාත් මැද සිටගත් සෙස්සෝ ඔරායන් බඳ පටිය උනන විට තරු සිහිනයෙන් උන් අඳුර වෙත බැස්සෝ සාදයක ගිලී හුන් හදවත අවදි නොවනා සිසිර ඇස් දෙක කල්ප ගානක් පෙම් කළත් වීනස් නොසෙල්වේ ඍතු මාරුවට යුරේනස් සංසාරයක් වගේ ඇදෙන හැල්මේ වලාකුළු ගමනටම උරුමයි. සඳ කියන්නේ පුළුන් හති වැටුණම තුරුල් වන බෝලයක් පමණයි;...